සාහිත්‍ය විමර්ශනයක වැදගත්කම
සාහිත්‍ය විමර්ශනය පර්යේෂණ යෝජනාවලියක ඇති වැදගත්ම
අංගයකි. සාහිත්‍ය විමර්ශනය යන්නෙන් අදහස් වන්නේ අධ්‍යනයට භාජනය කරන තේමායට නැතහොත්
ගැටලුවට සම්බන්ධව පවතින ශාස්ත්‍රිය ඥානය, විචාරාතිමකව ඇස්තමෙන්තුවට ලක් කිරිමයි. එය
පවතිනා ශාස්ත්‍රය සාහිත්‍යට අදාළ න්‍යාය, සංකල්ප, විග්‍රහා, තොරතුරු, නිගමන යනාදිය
සමග පර්යේෂණයට එළඹිමට පර්යේෂකයාට අවකාශය සපයයි.
මුලින් ම අවධානය යොමු කළ යුක්තක් වනුයේ සාහිත්‍ය
විමර්ශනයක් ලිවිමේ අරමුණ ය. එම නිසා පර්යේෂණ යෝජනාවලියක සාහිත්‍ය විමර්ශනයක් තිබිය
යුත්තේ ඇයි ද? මෙහි අංග ලක්ෂණ මොනවාද? මෙමගින් පර්යේශනයට ලැබෙන යහපත හා ප්‍රතිලාභ
මොනවාද? අවශ්‍යතාව කවරක් ද? ආදි ප්‍රශ්නයන්ට පිළිතුරු සෙවිම තුළ සාහිත්‍ය
විමර්ශනයක් අරමුණු ගොඩනංවා ගත හැකි ය. එය ප්‍රධාන හේතු හතරක් මගින් දැක්විය හැකි
ය.
01 අධ්‍යනය කරන තේමාවට සම්බන්ධව පවත්නා ශාස්ත්‍රිය
සාහිත්‍යයේ ඇති හිස්තැන් හදුනා ගැනිමට ඒ මගින් පර්යේෂකයාට හැකි වේ.
02 තමන් කරන පර්යේෂණයෙන් පවත්නා ඥානයට අලුතින් යමක් එකතු
කළ හැකි ද? යන්න නිශ්චය කර ගත හැකි ය.( අධ්‍යනය කේෂත්‍රය පෝෂණය කළ හැකි ද?)
03 අධ්‍යනය කරන තේමාවට අදාළ ඉතා ම සමකාලීන න්‍යායන් විග්‍රහා
ගැන හදුනා ගැනිමට පර්යේෂකයාට හැකි වේ.
04 තමන්ගේ ම පර්යේෂණ ප්‍රශ්න විධි ක්‍රම යනා දි මේවා
වාඩාත් හොදින් සුසංගත කර ගැනිමට පවත්නා ශාස්ත්‍රිය පර්යේෂණ සාහිත්‍ය මගින් ආධාර කර
ගත හැකි ය.
පවත්නා දැනුමේ හිස්තැන් පිරවීමට උත්සහා කිරීම විද්‍යාත්මක
පර්යේෂණයේ එක් අරමුණකි. පවතින හිස්තැන් අඩුපාඩු හදුනා ගැනිමට ඇති එකම මග පවත්නා
ශාස්ත්‍රිය සාහිත්‍ය ගැන විචාරාත්මක දැනුමක් ඇති කර ගැනිමයි. දැනුමේ හිස්තැන් ආකාර
කිහිපයකින් පැවතිය හැකි ය. ඒ කරුණු සම්බන්ධව අර්ථකථන සම්බන්ධයෙන් සහ න්‍යායික විග්‍රහා සම්බන්ධයෙන් ය. එම
හිස්තැන් පෙන්වා දිම තුළින් තමන් අධ්‍යනය කරන පර්යේෂණය එම හිස්තැන් පිරවීමට උත්සහා
ගන්නා බවට එත්තු ගැන්විය හැකි ය.
එවගේම පවත්නා දැනුමට අලුත් දෙයක් එකතු කරන්නේ නම්
පවත්නා ශාස්ත්‍රිය සාහිත්‍ය විමර්ශනය වැදගත් වේ. දැනට කර ඇති පර්යේෂණයක් තමන්ගෙන්
සිදු නෙවිමට පර්යේෂකයා තමන් කරන පර්යේෂණ තේමාව ගවේශනය කරන ගැටලු අලුත් එකක් බව
පෙන්වා දීමට පර්යේෂකයාට හැකි විය යුතු ය. මෙය කළ හැක්කේ සාහිත්‍ය විමර්ශනය මගිනි.
සාහිත්‍ය විමර්ශනයක් තුළින් පර්යේෂකයාට ඉගෙන ගත හැකි දේ
බොහෝ ය. අන් ශාස්ත්‍රඥයින් පර්යේෂණ ගැටලු හා ප්‍රශ්න සකස් කර ගත හැකි ආකාරය ,
සාහිත්‍ය විමර්ශනයේ යෙදෙන ආකාරය, පාවිච්චි කර ඇති විධි ක්‍රම විග්‍රහයන් හා තර්ක
ගොඩ නගා ගත ඇකි ආකාරය අදහස් සුත්‍ර ගත ශෛලීන් ආදිය හොදින් අවබෝධ කර ගත හැකි හොදම
ක්‍රමය සාහිත්‍ය විමර්ශනයයි.
සාහිත්‍ය විමර්ශනයක් සිදු කිරිමේදි පියවර 03 යටතේ මෙය
සිදු කළ හැකි ය. එහි පළමු පියවර වන්නේ අදාළ සාහිත්‍ය පිළිබද පුළුල් ග්‍රන්ථ
නාමාවලියක් සකස් කර ගැනිමයි. එහිදි ග්‍රන්ථ, සගරා, ලිපි පලනොවි ඇති අත්පිටපත්
වර්තා ආදිය ද මෙයට එකතු කළ හැකිය. මෙසේ ග්‍රන්ථාවලි සකස් කිරිමේදී පස් ආකාරයක
සාහිත්‍ය යන් ගැන සොයා බැලිය හැකි ය. එනම්,
I.
ලෝක මට්යමේ නැතහොත් තුලනාත්මක සාහික්‍ය
II.
මේ රටේ පල වී ඇති සාහිත්‍ය
III.
න්‍යායික සාහිත්‍ය
IV.
ආනුභවික සාහිත්‍ය
V.
මුද්‍රත මෙන් ම මුද්‍රණය නොවු සාහිත්‍ය
පිළිබද විමර්ශනයන් වැදගත් වේ. දෙවන පියවර විමර්ශනය කරන
සාහිත්‍යෙයන් තමන්ගේ යෝජිත පර්යේෂණයට ලැබෙන ආලෝකය ගැන කෙටියෙන් විස්තර කිරිමට ද
පුළුවන. තුන්වන පියවරේ දි විමර්ෂනය කරන සාහිත්‍යයෙන් සංස්ථයක් ලෙස ගෙන විචාරාත්මක
අදහසක් ගෙන පවතින හිඩැස හදුනා ගෙන ඒවාට අවධානය යොමු කිරිමට ඉඩ ලැබේ.
බෙන්ජමින් බ්ල්ම්
සාහිත්‍ය විමර්ශනයක් කිරිමේ දී,
I. විෂය කරුණු පිළිබද මනා අවබෝධය.
II. විශ්ලේෂණාත්මකව අවබෝධ කර ගැනිම.
III. භාවිතා කිරිම.
IV. විශ්ලේෂණය කිරිම.
V. ඇගයිම.
VI. නව දැනුම නිරිමාණය කිරිම.
සැලකිලිමත් විය යුතු අයුරු දක්වයි.